Colombo Today Local News

දානය දීම කුරාණයට පටහැණියි.. මිලිදූව පල්ලියේ දානයට එල්ලවූ ප්‍රහාරය ගැන තව්හිද් ජමාත් ගෙන් අමුතු ලිපියක්…

ගාල්ල මිලිදූව පිහිටි මුහයියාදීන් තෛකා පල්ලියේ ඉකුත් 2019 මාර්තු 16 වැනිදා සිදු වූ දානමය කටයුත්තක් අතරතුරදී එල්ලවූ ප්‍රහාරයක් පිළිබදව අප වෙබ් අඩවිය විසින් “ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි“ යන හිසින් යුතු පළකල පුවත සම්බන්ධයෙන් “එක්සත් තව්හිද් ජමාත්“ නමැති සංවිධානයක් අපවෙත ලිපියක් යොමුකොට ඇත.

අංක 120/8/D, තන්ෂීල් පෙදෙස, නුවර පාර, තිහාරිය ලිපිනය සදහන් එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ඒ.එල්.එම්. මන්සූර් නමැති අයගේ අත්සනින් යුතුව info@colombotoday.com විද්‍යුත් ලිපිනය වෙත යොමු කර ඇති එම ලිපිය මගින් අදාල පුවතේ සදහන්වන පල්ලියේ, එම දිනයේ දානමය කටයුත්තක් සිදුවූ බවත් ඒ අතරතුර පහරදීමක් සිදුවී ඇති බවත් එම ලිපිය මගින් පිලිගෙන ඇත. එමෙන්ම එවැනි දානයක් ලබාදීම කුරානයට සහ නබි නායක තුමන්ගේ ඉගැන්වීමට පටහැනි බවද සදහන් කර ඇත.

විවිධ ආගමික ශාස්තෘෘවරුන්ගේ ඉගැන්වීම් හා එය පිළිගන්නා කණ්ඩායම්වල මතවාදයන් කෙසේ වෙතත් මානව ශිෂ්ටාචාරය ආරම්භ වූදා සිටිම දානය උතුම් මිනිස් දහමක් ලෙස සැලකුණු අතර, එය මානව සමාජයේ අනෝන්‍ය බැදීමටද, සාමුහිකත්වයටද, දියුණුවටද බෙහෙවින් ඉවහල්විය. දානය, ඉතා උසස්ම තලයේ මානුශීය ගුණාංගයක් බවට දියණු සමාජය පිළිගනිද්දී මනුශ්‍යත්වයට එරෙහිව යන මෙවැනි මතවාදයක් දැරිය හැක්කේ මුලධර්මවාදී, අන්තවාදීන්ට බව අපගේ මතයයි.

කෙසේ වෙතත් අප එම පුවත පලකළේ ප්‍රහාරයට ලක්වූ මලිදූව මුහයියාදීන් තෛකා පල්ලියේ භාරකාරීත්වය ඇතුළු බැතිමතුන්ගෙන් ලද තොරතුරු මත පදනම්ව වන අතර, එම එම ප්‍රහාරය පිළිබදව ඉහත සදහන් සංවිධානය කළබල වී ඇත්තේ කුමක් නිසාදැයි ඇති වන්නේ ප්‍රශ්නාර්ථයකි. එම දානමය කටයුත්ත කුරානයට හා ඉස්ලාම් ඉගැන්වීට පටහැණි බව මොවුනුත් පිළිගන්නවානම්, පල්ලියේ දානය දුන් පිරිසට පහරදුන් අන්තවාදී කල්ලිය මොවුන්දැයි වහාම සොයා බැලිය යුතුය.

අදාල පුවත සාවද්‍ය බවත්, එය නිවැරදි නොකළහොත් අප වෙබ් අඩවියට එරෙහිව පියවරක් ගන්නා බවටත් ‘එක්සත් තව්හිද් ජමාත්‘ සංවිධානය අනතුරු අගවා තිබේ. අප වෙත යම් පුවතක් ලැබුණු පසු එය නිවැරදිනම්, මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව අප පලකරන අතර, එය ‘ඇත්ත ඇති සැටියෙන්‘ ජනතාව ඉදිරියට ගෙන යාමට බැදි සිටින අපගේ මාධ්‍ය යුතුකමකි. පසුගිය සමයේ වරින් වර ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් ජාතිවාදී ප්‍රහාර ලෙස ජාත්‍යන්තරයට ගෙන ගියද සත්‍ය විනිවිද දකිමින් මෙරට මුස්ලිම් සමාජයට ද පිළිලයක් වී ඇති වහාබ්වාදී, අන්තවාදී කල්ලිවල සැබෑ තත්ත්වය එළිදරව් කිරීමට අප පසුබට වී නැත.

මැදපෙරදිග ආධාර ලබන අන්තවාදි කල්ලිවලින්, අනාදිමත් කාලයක සිට මෙරට පොදු සමාජය සමග අනොන්‍ය සහයෝගයෙන් ජීවත් වූ මුස්ලිම් ජන සමාජයටද දැඩි බලපෑම් එල්වෙමින් පවතින බව නොරහසකි. මාධ්‍යයක් වශයෙන් ඉදිරියටත් ඒ පිළිබදව අවදියෙන් සිටිමින්, සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වය විනාශ කරමින් හිස ඔසවන එවැනි මූලධර්මවාදී, වහාබ්වාදී සංවිධානවලට එරෙහිව අපගේ මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට නොපසුබට වන බවද සදහන් කළ යුතුය.

ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි

Related posts

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday

රනිල්ට විශ්වාසය ඇතැයි සජිත්ගේ යෝජනාව මංගල ස්ථිර කරයි

colombotoday

සමාජ, ආර්ථික, සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරන ‘ඉට්කා‘ අව-මගුල

colombotoday

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday

පාසල් ලමුන් සඳහා නොමිලේ හෙරොයින් | ඇබ්බැහි වුවාට පසු ජාවාරමට හවුල් කරගෙන.

colombotoday

මාසයක් තුළ බන්ධනාගාර 28කින් දුරකථන 1102ක් සමග හෙරොයින් ග්‍රෑම් 116ක් සොයා ගනී

colombotoday