Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

walikadaවැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල රඳවා සිටින්නේ ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ දරුණු ගණයේ හිටපු කොටි ත්‍රස්‌තයෝ යෑයි ඉහළ පෙළේ ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග පවසයි.

උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කිරීම, මගී බස්‌රථවල බෝම්බ තබා පිපිරවීම, හමුදා නිලධාරින් හා සෙබළුන් මරාදැමීම වැනි සිද්ධීන් රැසකටද මොවුන් සම්බන්ධ වී ඇත.

ද්‍රවිඩ සන්ධානය බේරාගැනීමට උත්සාහ කරන්නේ මෙලෙස බිහිසුණු අපරාධ කළ ත්‍රස්‌තයන් යෑයි ද එකී ආරංචි මාර්ග පැවැසීය. මෙම හිටපු කොටි ත්‍රස්‌තයන් එකී අපරාධ සිදුකළ බවට පාපොච්චාරණද කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් මර්දන කරල් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

colombotoday

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාම අධිකාරියේ සේවකයකුගේ මරණය ගැනත් සැකයක්

Admin

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

Admin