Colombo Today Local News

දරුවන් සුරකිමු’’ ජාතික අරමුදලට යුද හමුදාවෙන් මිලියන 10 ක්

අසරණ දරුවන් ආරක්‍ෂා කිරීමේ අරමුණින්  ක්‍රියාවට නංවන “දරුවන් සුරකිමු” ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පත ඔක්තෝබර් මස 01 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  වෙත අද  (01) පරිත්‍යාග කරන ලදී.

දිවයින පුරා විසිරී සිටින අසරණ දරුවන් සහ විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ගේ ඉදිරි අනාගතය සුරක්‍ෂිත කිරිමේ අරමුණින් යුද්ධ හමුදාව සිදුකරනු ලබන සහයෝගීතාව පුළුල් කරමින් මෙම  මුල්‍යමය පරිත්‍යාගය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒඑම්ආර් ධර්මසිරි මහතා විසින් ජනාධිපතිතුමන් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ඒ.සී.පී වේරගොඩ මහතාද ද සහභාගී විය.

Related posts

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

colombotoday

අරගලකරුවන්ට ආරක්ෂක අංශ එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයයෙන් නිවේදනයක්

colombotoday

දේශබන්දු සැකකරුවකු කරන්න නීතිපතිවරයා දුන් ලිපිය ක්‍රියාත්මකවීම වළක්වාලමින් අතුරු නියෝගයක්

Admin

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday