Colombo Today Local News

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසක්‌ බේරා ගැනීමට උත්සාහ කළ මාදම්පේ පොලිසියේ නිලධාරියකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස්‌ මරුමුවට පත් වී ඇත. ඊයේ (25 වැනිදා) පෙරවරු 11.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මාදම්පේ පොලිසියට අනුයුක්‌තව සිටි 29 හැවිරිදි ඒ. සම්පත් නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි.

මියගිය පොලිස්‌ නිලධාරියා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි අවිවාහකයකි.

බිංගිරිය ප්‍රදේශයේ වැවක පස්‌ බැම්ම බිඳී යැමෙන් පසු මාදම්පේ ගල්මුරුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇත. ගල්මුරුව ගල්වළ පාර ප්‍රදේශයේ නිවසක කුඩා දරුවන් ඇතුළු පිරිසක්‌ කොටුවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ තිබේ.

මේ අවස්‌ථාවේ පොලිස්‌ කොස්‌තාපල් සම්පත් මහතා ජලයේ කොටු වී සිටින දරුවන් ඇතුළු පිරිස බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ජල පහරට හසු වී ගහගෙන ගොස්‌ ඇත.

පොලිස්‌ නිලධාරියා බේරා ගැනීමට මාදම්පේ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

පොලිසිය, නාවික හමුදාව සහ යුද හමුදාව පැය කීපයක්‌ තිස්‌සේ කළ මෙහෙයුමකින් පසු පොලිස්‌ නිලධාරියාගේ සිරුර සොයා ගැනීමට හැකි විය.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කුමාරපේලි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වෙයි.

Related posts

සහල් මාෆියාවට තිත-වී ගබඩා ආශ්‍රිතව මහා ශ්‍රමදානයක්

Admin

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

පුද්ගලයෙකු හප්පා පැන යද්දී ඇමති රංගේ බංඩාරගේ පුතා අත්අඩංගුවට

colombotoday

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

Admin

මේ නපුංසක පාලනයෙන් රට බේරාගන්න.. බඩ ගැන නොසිතා, රට ගැන සිතා එක්වෙන්න දැන් වෙලාවයි – ඥාණසාර හිමි

colombotoday

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin