Colombo Today Local News

දඹුල්ලේ එළවළු මිල පාලන මිලටත් අඩුයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පාලන මිලක් පනවා තිබුණද අද දිනයේදී පාලන මිලට වඩා විශාල වශයෙන් එළවළු මිළ පහත වැටී තිබුණු බව ව්‍යාපාරිකයො පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 28දින අලුයම කාලයේ සිට විශාල වශයෙන් එළවළු තොග ගොවීන් විසින් රැගෙනවිත් තිබිණි.

ඒ අනුව යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් කැරට්, අර්තාපල් අල, රතු ලූණු, වම්බටු, මෑකරල්, වට්ටක්කා, මාළුමිරිස්, බීට් ආදී එළවළු රැසක් ලැබී තිබිණි.

බොහෝ එළවළු වල මිල රුපියල් 35 සිට 65 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම විශේෂත්වයකි.

රුපියල් 160 කට පාලන මිලක් දැමූ අමු මිරිස් කිලෝව රුපියල් අසූ පහකි. රුපියල් 110ක් දැමූ බෝංචි කිලෝව රුපියල් අසූ පහේ සිට 100 දක්වා මිලකට අලෙවි වීම විශේෂත්වයකි.

යාපනය බීට්රූට් සඳහා රුපියල් 60 ක පාලන මිලක් පැවැති ද මෙදින රුපියල් හතළිහකට අලෙවිය. රුපියල් 80ක උපරිම සිල්ලර මිල පැවැති තක්කාලි කිලෝවක දඹුල්ලේ මිල රුපියල් 50 කි.

මේ අනුව සෑම එළවළුවක්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ මෙන්ම ගොවීන් පෙන්වා දෙති.

මෙපමණ එළවළු මිල පහත වැටී තිබුණද පාරිභෝගික ජනතාවට වැඩි මුදලකට එළවළු පරිභෝජනය කිරීම සිදුව ඇතැයි බොහෝ දෙනා පවසති.

Related posts

ඉතිහාසයේ මුල්වරට ගාල්ලේ හර්තාල්.. කඩසාප්පු වසා ව්‍යාපාරිකයෝ විරෝධයේ !

colombotoday

රණවිරු සුනිල් රත්නායකට නිදහස ඉල්ලා සිංහල රාවයෙන් අත්සන් දස ලක්ෂයක්

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි ගැන තොරතුරු හෙළිවෙයි…

colombotoday

ආනවිලුන්දාව ඩෝසර් කිරීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. පසුබිමේ සිටි ප‍්‍රබල දේශපාලනඥගේ සොහොයුරා මාට්ටුයි

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

හිටපු අමාත්‍යවරයෙකු රිය අනතුරකින් මිය යයි

colombotoday