Colombo Today Local News

”තිලීපන් ගුණ සැමරුම” පැවැත්වු සිවාජිලිංගම් ට ඇප

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා ඇප මත නිදහස් කර තිබේ.

රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මත ඔහුව නිදහස් කර තිබේ.

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් කෝපායි පොලීසිය විසින් ඊයේ (15)දින තවත් පුද්ගලයෙක් සමග ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

මියගිය එල්.ටි.ටී.ඊ සාමාජිකයකු වන තිලීපන් යන අයගේ ගුණ සැමරුම තහනම් කරමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කර තිබු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කෝපායි පොලිස් වසමේ අන්තන්කෛයි වත්ත ප්‍රදේශයේ දී මෙම “තිලීපන් ගුණ සැමරුම” පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම නඩුව සැප්තැම්බර් 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Related posts

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

colombotoday

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

වැඩි වු විදුලි බිල්පතට සහනයක්

colombotoday