සිංහල බෞද්ධ ඡන්දවලින් 70-75%ක පමණ ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලබාදී තිබූ බවත් තම පරාජයට හේතුව එය බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ගම්බද ජනතාව සජිත් පේමදාස මහතා සමඟ සිටින බව පැවසුවද ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් එවන් දෙයක් පෙන්නුම් නොකළ බවද හෙතෙම කියා සිටී.
පසුගිය කාලයේදී තම රජයේ ඇමතිවරුන් විසින් බෞද්ධයන්ට විරුද්ධ ව කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබූ බවද ඔහු පැවසීය.
රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහතුන් අතර පැවති මත ගැටුම් ද මෙම පරාජයට දැඩිව බලපෑ බව