Colombo Today Local News

ත්‍රිවිධ හමුදාවට, පොලිසියට ජාතික සමගිය ඇති කරන්න බෑ… එය කළ හැක්කේ ජවිපෙ අපටයි…

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේත් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට රට තුළ ජාතික සමගිය ඇති කළ නොහැකි බවත් ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේ සිටියේ අන්තවාදය පැරදවිමට ජාතික සමගිය ගොඩනැගිමට, මහජන ආරක්ෂාව තහවුරු කිරිමට, අපගේ කාර්යය භාරය යන මැයෙන් ඊයේ (15දා)  පස්වරුවේ හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමිණි.

ජාතික සමගිය ඇති කල හැක්කේ දේශපාලන අධිකාරියට බවත්, පටු දේශපාලන වාසි නොතකා  දේශපාලඥයන් රටේ ඇති වි තිබෙන ගැටළුවට විසදුම් ලබාදෙන්නේ නම් රට තුළ ජාතික සමගිය ඇති කර රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ගිනිඅවි 8ක් සමග සැකකරුවන් හත්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා දැමීම : ‘මහසොහොන්‘ නම් බලකායක් තොප්පිය දමා ගනී !

colombotoday

කවුරු බැන්නත් තීරණ ගන්නේ රට වෙනුවෙන් – ජනපති කියයි

Admin

සහල් සහ පොල් හිඟයක් ඇති වෙලා

Admin

Video – ඉස්ලාම් අන්තවාදය ඉදිරියේ මනෝ ගනේෂන් මළකඳක් වෙලා – බොදු බල සේනා

colombotoday

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday