Colombo Today Local News

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරිමේ යෝජනාව 23දා යුනෙස්කෝවට…

ජාතික උරුමයක් බවට පත්කළ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 23 දා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානය වෙත භාරදීමට රජය අපේක්ෂා කරයි.

එය සාර්ථක කර ගැනීම සඳහා එළැඹෙන 16 දා සිට 23 දා දක්වා කාලය තු ත්‍රිපිටකාභිවන්දනා නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ජනතා සහභාගිත්වයෙන් පැවැත්වීම, ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රහණය කිරීම සඳහා වන ජාතික මහෝස්තවය මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුව පරිශ්‍රෙය් පැවැත්වීමටත් රජය අපේක්ෂා කරයි.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පාලිභාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ලේඛණ ගත අට්ඨකතා සහිත ත්‍රිපිටකය පසුගිය ජනවාරි 5 දා මාතලේ අලුවිහාරයේදී ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කළ අතර එදින උත්සව සභාව ඇමතූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස පත්කිරිමටත් පියවර ගන්නා බවයි. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය පෙබරවාරි 7 දා නිකුත් කෙරිණ.

Related posts

ලංකාව ඉන්දියාවේ වැසිකිළියක් බවට පෙරළන ‘සීපා’ එපා..!

colombotoday

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

colombotoday

යේසුස් තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම දූතයින්ගෙන් කෙනෙකු බව සඳහන් කරමින් උලමා සභාවෙන් නිවේදනයක්

colombotoday

වර්තමානයේ තියෙන්නේ බොරුකාර රාජ්‍ය පාලනයක්

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday