Colombo Today Local News

තවුහිද් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදා හැරිමට නියෝග

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තවුහීද්  ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ  පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (15) නියෝග කළාය.
 
මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට  විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

ජාතික තවුහීද්  ජමාත් සංවිධානයට අයත් වීඩියෝ දර්ශන සහ සංයුක්ත තැටි ළඟ තබා ගැනීමේ චෝදනාවට මොහු කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Related posts

නිවාස වැසිකිළි හැදීමට 2019 අයවැයෙන් වෙන්කල මුදල් සජිත්ගේ මැතිවරණ ප්‍රචාරයට !

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

දෙහිවල මුස්ලම් ජාතික පවුලක් පිලිස්සී මිය යයි

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

නුවරඑළිය මහනගර සභා අය වැය සම්මතයි

colombotoday

වේයන්ගොඩ දී වැටලු ගණිකා නිවාසය

colombotoday