Colombo Today Local News

තවත අමනුෂ්‍යයන් පිරිසක් මඩකලපුවෙන් මතුවෙයි… කොරෝනා නිරෝධායනයට එරෙහිව පාරවල් අවහිරකර උද්ඝෝෂණය කරයි !

විදේශිකයන්ව කොරෝනා වෛරසය නිරෝදායනය සදහා මඩකලපුට රැගෙන  ඒම නතරකරන්නෙයි ඉල්ලා මඩකලපුවේ විරෝධතා රැලියක් හා දැනුවත් කිරීමේ  අරගලයක් දියත්  කරන ලදි.     

මඩකලපුව දිස්ත්‍රික්කයේ  ඇති පොදු සංවිධාන සංවිධානයෙන්  අරගලය හා රැළිය පැවැත්වුණි.

කොරෝනා රෝගය පැතිර ඇති රටවලින් මෙරටට පැමිණෙන මගීන්  මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ පවත්වන  නිරෝධ්‍ය මධ්‍යස්ථානයට  රැගෙන ඒමේ කටයුතු රජය ක්‍රියාත්මක කර ඇත.  

කොරෝනා  පරීක්ෂණය මඩකලවේදී නොකරනු” යනු තේමාව කරගත්  පෙළපාලිය  මඩකලපුව ආනපන්දි  සිත්ති විනායගර් කෝවිල අසලින් ආරම්භ වී  මඩකලපුව ශික්ෂණ  රෝහල දක්වා  ගිස්  එහිදි විරෝධතාවය කරන ලදි.  

මඩකලපුව දිස්ත්‍රික්කය  පසුගිය කාලයේ  විවිධ ඛේදවාචක වලට  මුහුණ දුන් දිස්ත්‍රික්කයක් වන අතර නැවත  විනාශයන් ඇති නොකරන ලෙසට  ඉල්ලා යෝජනාවක් උද්ඝෝෂණකරුවන් ඉදිරිපත් කරන ලදි. මඩකලපුව ශීක්ෂණ  රෝහලේ  කොරෝනා  ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසට පත් කිරීම වහා වෙනස් කල යුතුයැයි   එසේ නොකරන්නේ නම් රෝහල වැටලීමට සිදුවන බවට අනතුරු අගවන ලදි.     

ඒ සමගම  මෙම සිද්ධියන්වලට විරෝධය පාමින් වාකරේ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ රිදිතැන්න ඉක්රහ් විද්‍යාලයේ  සිසුන්  දෙමවුපියන්  පාසලේ පිවිසුම් මාර්ගය  වසා විරෝධතාවයේ යෙදුණී .    

ජයන්තියාය අහමඩ් හිරාස් විද්‍යාලය සිසුවියන්  පාසලට නොපැමිණ කොරෝනා නිරෝධායන කටයතුවට මඩකලපු ප්‍රදේශයට ගෙන ඒමට විරෝධය පලකරන ලදි.

Related posts

හදුන්නෙත්තිගේ නම විකුණා මුදල් ගරලා

Admin

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

ඇමතිලා හයකට සැප වාහන ගන්න තවත් කෝටි 33ක් ඉල්ලයි !

colombotoday

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Admin

“මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරනු… භික්ෂූන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වනු“ – විග්නේෂ්වරන්ගෙන් වන්නි පොලිස්පතිට නියෝග

colombotoday

අනුරාධපුර ගම්මානයකට සංචරණ සීමා

colombotoday