Colombo Today Local News

තවත් වසර ගණනක් පවතින කොරෝනා

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කිරිමට තවත් වසර හතරක හෝ පහක කාලයක් ගත වෙනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක් වන සෞම්‍යා සුදර්ශනී ප්‍රකාශ කර සිටි.

ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ වෛරසය මැඩලීම සඳහා සුදුසු එන්නතක් නිපදවීමට ලොවපුරා විද්‍යාඥයින් වෙහෙසෙමින් සිටියත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරිම අපහසු බවයි.

“මේ සඳහා එන්නතක් සොයා ගැනීම හොඳම ක්‍රමය ලෙස පෙනෙන්න තියෙන්නේ. නමුත් එය සොයා ගැනීමෙන් පසුව නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු වනවා” යැයි ප්‍රකාශ කර සිටියා.

මේ වන විට ලොවපුරා මිලියන 4.3ක ජනතාවකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂ තුනට ආසන්න වෙමින් පවතී.

Related posts

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පාස්කු ප්‍රහාරය සොයන ජනාධිපති කොමිසමේ පොලිස් නිළධාරීන් හිටපු ජනපතිගේ නිවසට

colombotoday

කතෝලික ආගමට එල්ල කල මිනීමැරුම් චෝදනා මම ඉවත්කර ගන්නේ නෑ – මංගල දැඩි ස්ථාවරයක

colombotoday

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday