Colombo Today Local NewsCovid 19

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

කොරෝනා වයිරසය පැතිරී යාමේ අවදානම් දිස්ත්‍රික්කවල සිට තලවකැලේ , ආගරපතන , හෝල්බෲක්  ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථ හතරක රියදුරන් නිරෝධායන කිරීමට අද (31) පියවර ගත් බව තලවකැලේ – ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

අධි අවධානම් කලාපයන්  ලෙස නම් කොට ඇති  ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කයන්ගේ සිට හා බදුල්ල දිස්ත්‍රික්කයේ සිට පැමිණි මෙම ලොරි රථ හතර ආගරපතන පොලිසිය භාරයේ තැබීමටද  පියවර ගත්බව ඒ මහතා කීය.

ලොරි රථවල රියදුරන් පිරිස එම කර්මාන්ත ශාලාවේම ස්ථානයක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින 14 ක් නිරෝධායනය කිරීමට  මෙසේ  පියවර ගත්බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.

colombotoday

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 23 ක් අත්අඩංගුවේ

colombotoday

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

මාකදුරේ මධූෂ් සමග රාජ්‍යතාන්ත්‍රිකයෙක්, රියලිටි තරු 6ක් අත්අඩංගුවේ… ඇමති පිරිසක් කලබල වෙයි…

colombotoday