Colombo Today Local NewsCovid 19

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

කිසිවකු හෝ තමන්ට කොරෝනා ආසාදිත යැයි සැක සහිත නම් ඒ බව වේලාසනින් රෝහල් හෝ අදාළ අංශ දැනුවත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

එසේ නැතිව සෘජුව රෝහල්වල බාහිර රෝගී අංශ වෙත නොපැමිණෙන ලෙස ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලා සිටියි.

එසේ පැමිණියහොත් අවධානමට ලක්වන රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුවන බවත් එවිට ප්‍රතිකාර කාර්ය මණ්ඩල අඩුවීම සිදු වන බවත් ඔහු කියා සිටියේය.

එවන් තතත්වයකදී රෝගීන් රෝහලට එනවිට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්යය හිග වනු ඇතැයි ද පවසන ඔහු එය ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ හරහා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් කියා සිටියේය.

මෙවර කොරෝනා පොකුරේ පළවෙනි ජීව සාම්පලය ලබාගෙන ඇත්තේ තිස් වෙනිදා වුවද එහි ප්‍රතිඵල පැමිණ ඇත්තේ තුන්වෙනි දා බවත් එතරම් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම දැඩි ගැටළුවක් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට කොවිඩ්

colombotoday

කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්

colombotoday

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday