Colombo Today Local News

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

තරුණ නීතිඥවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රට තුල ඇතිවී තිබෙන තත්වය පාලනය කිරීම සඳහා යෝජනා 6ක් ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනා මෙසේයි…

  1. සිංහල සහ දෙමළ භාෂා ද්විත්වයෙන්ම වෛරසයේ ව්‍යාප්තිය පිලිබදව නිසි සමාජ දැනුවත් කිරීමක් අඛණ්ඩව සිදු කිරීම.
  2. නිදහස් වෙළෙඳ කලාප ඇතුලුව සියලුම වැඩ කරන ජනතාවට වැටුප් සහිත නිවාඩු ලබාදීම සදහා නෛතිකවම විධාන සැලසීම.
  3. ආර්ථිකව පීඩනයට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා සහන පැකේජයක් ලබාදීම.
  4. ණය සහ මුල්‍ය පහසුකම් හිගතැබීම් සදහා සහන කාලයක් ලබාදීම සහ නීතිමය පියවර නොගැනීමට අදාල සමාගම් වලට නෛතිකවම විධාන කිරීම.
  5. සියලුම බන්ධනාගාර සදහා නිසි ආරක්ෂාව සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම.
  6. අධිකරණ සමග සාකච්ඡා කර සුළු අපරාධ සදහා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින රැදවියන්ට ඇප ලබා දීම සහ සුලු අපරාධ සදහා දඩුවම් ලබා සිටින්නන්ට ජනාධිපති සමාව ලබාදීම.

Related posts

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin

කෝටි 12ක රන් තොගයක් රේගුවේදී අල්ලයි

Admin

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

colombotoday

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

colombotoday