World

ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ ජාලා වාරණයකට සැරසෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්විටර් හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල ඒවා භාවිත කරන්නන් විසින් පළ කරනු ලබන අදහස් සංස්කරණය කිරීම ඇතුළු   ක්‍රියාකාරකම් සිදු කිරීමට එම මාධ්‍ය ජාලවල පරිපාලනයට ලැබී ඇති අසීමිත නීතිමය රැකවරණයන්ගෙන්   සමහරක් ඉවත් කිරීමේ අරමුණින් සකස් කරන ලද විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපති ට්‍රම්ප්ට අනුව සමාජ මාධ්‍ය ජාලාවලට ඒවා භාවිත කරන්නන් විසින් පළ කරනු ලබන අදහස්වලට  සීමාවන් පැනවීමට  හා ඒවා  සංස්කරණය කිරීමට කිසිවෙකු විසින් පරික්ෂා කර නොමැති ආකාරයේ බලයක්   හිමිව පවතී. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නිරතුරුවම ට්විටර් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට එල්ල කරනු ලබන චෝදනාවක් වනුයේ එම මාධ්‍ය ජාලයන් විසින් විරුද්ධ මත කපා හැරීමට කටයුතු කරන බවයි.

මෙසේ සමාජ මාධ්‍ය ජාලයන් විසින් නීතිමය වශයෙන් අභියෝගයට ලක් කරනු ඇතැයි අපේක්ෂිත විධායක නියෝගයක් එම මාධ්‍ය ජාලාවලට එරෙහිව සකස් කර එය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ලැබුවේ ඔහු විසින් ඉකුත් අඟහරුවාදා (26දා )  සිය ටිව්ටර් ගිණුමෙහි පළ කරන ලද අදහස් දැක්වීම් දෙකක් ඉදිරියෙන් තොරතුරු පරික්ෂා කර බැලිය යුතු බවට වූ ලේබල් ෆැක්ට් චෙක් ලේබල් )  පළ කිරීමට ට්විටර් සමාගම කටයුතු කිරීම හේතුවෙනි.

ජනාධිපති ට්‍රම්ප් විසින් සමාජ  මාධ්‍ය ජාලවලට පවතින නීතිමය රැකවරණය ඉවත් කිරීම සඳහා අත්සන් තබා ඇති විධායක නියෝගය  ට්විටර් හා  ෆේස්බුක් සමාගම්  විසින් දැඩි සේ විවේචනය කර තිබේ.

Related posts

බ්‍රිතාන්‍යයේ කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව 233ක් දක්වා ඉහළට

colombotoday

මව්රටට පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති

colombotoday

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday

මෙක්සිකෝවට, නවසීලන්තයට ප්‍රබළ භූමිකම්පා.. සිය ගණනක් මිය ගිහින් !

colombotoday

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

colombotoday