Colombo Today Local News

ටෙන්ඩර් නොමැතිව ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමට කැබිනට් අනුමැතිය

ටෙන්ඩර් පටිපාටියකින් තොරව, ඉන්දියානු සමාගම් කිහිපයක් හරහා, ඖෂධ වර්ග 37 ක් මෙරටට ආනයනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රමේශ් පතිරණ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි, අද වෙළදපොලට නිකුත්ව තිබෙන මවුබිම පුවත්පත වාර්තා කරයි

කැබිනට් පත්‍රිකාවේ සදහන්ව තිබෙන ඖෂධ මෙරට ලියාපදිංචි නොමැති ඖෂධ බවත්, එකී ඖෂධ මෙරටට ගෙන්වීම සදහා වූ ලංසු කැදවීමේ දී අදාල සැපයුම්කරුවන් ඒ සදහා මිල ගණන් ඉදිරිපත් කර නැති බවත් වාර්තා වේ.

ඉන්දියානු සමාගම් හරහා ගෙන්වීමට අපේක්ෂා කරන මෙකී ඖෂධ වර්ග 37 න් ඖෂධ වර්ග 30 ක් සදහා, දේශීය සැපයුම් කරුවන් සිටින අතර, තවත් අයිතමයන් පහක් සදහා ලියාපදිංච අනුමැතිය ලබා ගැනීමට වසර දෙකක් තිස්සේ බලා සිටින බවත් ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Related posts

මොණරාගල භික්‍ෂූන් වහන්සේලා 45ක් ස්වයං නිරෝධායනයට

colombotoday

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්

Admin

මහින්දගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට

colombotoday

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday