ලබන නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාරගෙන තිබේ.
ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමා නීතිගරුක අපේක්ෂකයා බවය.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ට ඔහු විවිධ චෝදනා එල්ල කළේය.
බයිඩන් ජය ගතහොත් අමෙරිකානු වීථි වල කැරළිකරුවන් තම ආධිපත්‍ය පතුරවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.