ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට එරෙහිව ඩිමොක්රටික් පක්ෂය ඉදිරිපත්කළ දෝෂාභියෝගය 52 ට 48 ලෙසින් සෙනට් සභාවේදී පරාජයට පත්විය.
ට්රම්ප්ට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 48ක් ලැබූණි.මෙහිදී ට්රම්ප්ට එරෙහිව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්රිවරයෙකුද ඩිමොක්රටික් පක්ෂය සමග ඡන්දය දීම විශේෂත්වයක්විය.