Colombo Today Local News

ඥානසාර හිමිට හිමිවූ ජනාධිපති සමාව බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට චෝදනා කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක් සිර දඬුවමක් නියම කර එය වසර 06 කින් ගෙවී යා යුතු බව තීන්දු කළ බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්  සිර දඬුවම් ලබා සිටි විත්තිකරුවකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙත්සම්කාරිය පෙන්වා දෙයි. 

එබැවින් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළ සියලු නිල ලේඛන අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් පවත්වන ලෙස ද එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

 ඒ අනුව ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් උන්වහන්සේට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , අධිකරණ අමාත්‍යවරිය , ජනාධිපති ලේකම්වරයා, පොලිස්පති පූජිත් ජයසුන්දර, වැඩබලන පොලිස්පති වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related posts

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතුයි – ගම්මන්පිලගෙන් යෝජනාවක්

colombotoday

පයේ පෑගී කාන්තාවට හමු වූ නිධානය වතුරේ යයි.

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

colombotoday

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday