Colombo Today Local News

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි.වී. විග්නේෂ්වරන් ඊයේ (20)දින සිදුකළ ප‍්‍රකාශයට විපක්ෂයෙන් අද (21)දින විරෝධයක් එල්ල වුණා.

විපක්ෂය නියෝජනය කරමින් සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර පැවසුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී.වී. විග්නේෂ්වරන් ඊයේ සිදුකළ ප‍්‍රකාශය වහාම හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන බව මන්තී‍්‍රවරයාගේ යෝජනාවට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප‍්‍රකාශ කළා.

එහිදී “අපි දිවුරුම් දෙනකොට මේ රටේ වෙනම රාජ්‍යක් සකස් කිරීම, ඊට අනුබලදීම, ඒ සඳහා අනියමින් හෝ ආධාර අනුබලදීම අපි සිදු කරන්නේ නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ අපි දිවුරුවා. නමුත් මේ රටේ සියලු දෙනා ශ්‍රී ලාංකික ලෙස ජනතාව පිළිගන්න තැනට රටම ඇවිත් තියෙන වෙලාවේ දෙමළ භාෂාව මේ රටේ මුල්ම භාෂාව සහ නිජභූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව හැටියට ඊයේ විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා මේ පාර්ලිමේන්තුවේ සඳහනක් කළා. ඒ සඳහන මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවීම වැරදියි.” යනුවෙනුයි සඳහන් කළේ

Related posts

මධූෂ්‌‌‌ගේ ඩුබායි නම “අජිත් අවංක වික්‍රමසිංහ”

colombotoday

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

colombotoday

ජනපති ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් කැඳවයි… හදිසි තීරණ ගැනීමේ සූදානමක් !

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

colombotoday

ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවූ හෙරෝයින් ජාවාරම්කරු

Admin

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday