Colombo Today Local News

ජවිපෙ 20ට ශ්‍රීලනිපය විරුද්ධ වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා නොදෙන බව ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමතිවරයෙක් පැවසීය.

ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව විසිවන සංශෝධනය පිළිබඳව සලකා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇතත් එම කමිටුව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට ශ්‍රීලනීපය එකඟ නැතැයි ප්‍රකාශ කරනු ඇති බවත්, එම අදහස සමග ශ්‍රීලනීපයේ නායකයන් මේ වන විට එකඟවී ඇති බවත් එම ඇමතිවරයා කීය.

මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මෙහෙයුම් කමිටුවට ශ්‍රීලනිපය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය හරහාද විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට එකඟ නැතැයි ප්‍රකාශ කර තිබුණු බව එම ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පළාත්සභා ක්‍රමය පවතින්නේ නම් සෘජු ඡන්දයෙන් බලයට පත්වෙන විධායක ජනාධිපතිවරයකු සිටිය යුතු බව ශ්‍රීලනීපයේ අදහස බව ඔහු වැඩිදුරටත් කීවේය.

(අනිද්දා)

Related posts

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

දරුවන් වෙනුවෙන් ආදිවාසි නායකයා ජනපතිගෙන් සහ අගමැතිගෙන් සිදුකල ඉල්ලීම

colombotoday

“මෙදා සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ.. ඕන එකෙකුට ගහල එලවනවා” – ජෝන් ඇමතිට ව්‍යාග්‍රයා වැහෙයි

colombotoday

මුස්ලිම් හාමුදුරුවෝ ජනපති කාර්යාලය අසල අමුතු අඩව්වක් අල්ලයි.. පොලිසිය විත් කුදලන් යයි

colombotoday

පරිපූරක වෛද්‍ය වර්ජනය අවසන්—තවදුරටත් සේවා බාධා!

Admin

ඇමරිකාවේ TikTok තහනම් ?

Admin