Colombo Today Sports News

ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව පරාජය වැළදගනී… එංගලන්තයට වාර්තාගත ජයක්….

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මුල් කඩුළු හතර ලකුණු 52ක් තුළ බිද වැටී ගියේය.

තරගාවලිය පුරාම ලකුණු අතර නොසිටි කුසල් මෙන්ඩිස් ක්‍රියාත්මක වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් රොශේන් සිල්වා ලකුණු 102ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩ නැගීය.

තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වී තිබූ විටෙක කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ලකුණු 86 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු විය.

ඉන් පසුව පිටියට පිවිසි දික්වැල්ල අනවශ්‍ය පහරක් ගැසීමෙන්ද දැවී ගිය අතර දිල්‍ රුවන් ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී පිටියෙන් ඉවත් විය.

නැවතත් ජයග්‍රහණය එංගලන්තය දෙසට දෝලනය වී තිබූ මොහොත පිටියට පිවිසි මලින්ද පුෂ්පකුමාර තරගයට ජීවයක් ගෙන දෙමින් සුරංග ලක්මාල් සමග එක් වී ශ්‍රී ලංකා බලාපොරොත්තු නැංවීය.

තේ පානය සදහා තරගය නතර කරන තුරුම ඔවුන් දෙපළ අනගි ඉනිමක් දියත් කළෝය.

තේ පානයෙන් අනතුරුව පිටියට පිවිසි සුරංග ලක්මාල් හට පන්දු හතරකට පමණක් මුහුණ දීමට සිදු විය.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස නායක සුරංග ලක්මාල් ලකුණු 11කට දැවී ගියේය.

ඒ අනුව ලකුණු 42 කින් තරගයේ ජය ලබන්නට එංගලන්ත සමත් වූයේ ටෙස්ට් තරගාවලියේ තරග තුනම ජයග්‍රහණය කරමින් වාර්තා පොතටද එක්වෙමිනි.

පිතිකරණයේදී එංගලන්තය වෙනුවෙන් ජෝස් බට්ලර් විසින් අගනා ලකුණු 64ක් ලබා ගත්තේය.

– ඉෂාන් ප්‍රබෝධ –

Related posts

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

Admin

වසර 21කට පසු ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක්

Admin

LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin

ධනංජය ශ්‍රී ලංකාව සුපිරි ජයක් ගෙනෙයි

Admin

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

colombotoday