Colombo Today Local News

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉදිකෙරෙමින් පවතින නව පර්යන්ත ගොඩනැගිල්ලේ සදහා ඉදිකිරීමට සැලසුම් කර තිබූ දැවැන්ත නෙළුම් මලක හැඩැති වහලය ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා. ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රනතුංග මහතාගේ නියෝගයකට අනුව මෙම නෙළුම් මල් ආකෘතිය සහිත වහලය සැලසුමෙන් ඉවත් කෙරන බවයි සදහන් වන්නේ.

අර්ජුන රණතුංග අමාත්‍යවරයා අදාළ ගොඩනැගිල්ලේ සැලසුම් පරීක්ෂා කර තිබෙන අතර එහි ඉංජිනේරුවන් විසින් පවසා තිබෙන්නේ එම නෙළුම් මල සහිත වහලය ඉදි කිරීමට මිලියන දෙදහස් දෙසීයක් ඇස්මේන්තු කර ඇති බවයි. එම නෙලුම් මල සහිත වහලය සංඛේතාත්මකව සහ අලංකාරය පිණිස ඉදිකරන බවත් ඒ සදහා විශේෂිත ලෝහ වර්ගයක් යොදා ගැනෙන බවත් ඔවුන් දන්වා ඇත. මෙම වහලය ගුවන්තොටුපලට යන එන අයට දැක ගැනීමට නොහැකිවන බවත් එය පෙනෙන්නේ ගුවන් නියමුවන්ට පමණක් බවත් ඔවුන් පවසා ඇත.

ඒ අනුව එම නෙළුම්මල් ආකෘතිය සහිත වහලය ඉදිකිරීම විශාල මුදලක් අපතේ යන එකක් වන බැවින් අදාල සැලසුමෙන් ඉවත් කිරීමට රණතුංග අමත්‍යවරයා විසින් නියෝග කරඇත.

පසුගිය රජය සමයේ ඉදිකිරීම් ඇරඹුණු මෙම නවීන පර්යන්ත ගොඩනැගිල්ලට මුල්ගල් තැබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණි ජපන් අගමැතිවරයා විසින්.

Related posts

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday

ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය මැදමුලන වලව්වේ පිලිකන්නෙ එල්ලනවා – දඹර අමිල හිමි

colombotoday

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

අස්වැසුම වැඩි කරයි

Admin