Colombo Today Local News

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කැර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය මඟින් රාජ්‍ය විරෝධී සිදු වීමක් සිදු වුවහොත් එහි සංවිධායකයන් වන වග උත්තරකාර මන්ත්‍රිවරු 11 දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිසියට නියෝග කෙළේය.

කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් වග උත්තරකරුවන් 11 දෙනකු ලෙස නම් කැර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩ්ව් ගුණසේකර, අසංක නවරත්න යන අය ‍රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදු කළහොත් වහා අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

‍මීට අමතරව මෙම උද්ඝෝෂණයට සහභාගි වී අනුගාමිකයන් වන සමාජිකයන් ද රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට ආධාර අනුබල දිමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියම කෙළේය.

කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා ඉදිරිපත් කැර තිබු අතර එම වාර්තා සත්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයේ 114, 115 රාජ්‍ය විරෝධි ක්‍රියා සම්බන්ධව උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට ‍කරුණු පහදා දෙමින් නියෝග නිකුත් කෙළේය. රට බෙදිම,රණවිරු දඩයම,බැදුම්කර මගඩිය,බදු බර,සිංගප්පුරු ගිවිසුම,මැතිවරණ කල් තැබිම ආදි කරුණු මුල් කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (5) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කිරීමට නියමිත බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කෙළේය. බුද්ධි අංශ තොරතුරු සත්‍ය නම් දණ්ඩ නිති සංග්‍රයේ 114,115 යටතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ආණ්ඩුවට විරුද්ධව කැරළි ගැසිමේ චෝදනාවට වග උත්තරකරුවන් 11දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නෛතික බලය තිබිය දී මහජන පිඩා යටතේ අධිකරණයට නියෝග ලබා දීමට නොහැකි බව පවසමින් පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂ්‍රේප කරනු ලැබිණ.

මෙහිදි වැලිකඩ පොලිසිය අදාළ රැලිය සාමකාමිව පවත්වන ලෙසට අධිකරණ නියෝග ලබා දෙන ලෙසට කරනු ලැබු ඉල්ලිම සළකා බැලු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ පොදු දේපොළ හානි හෝ මහජන පිඩාවක් සිදු වුහහොත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් බලතළ ඇති බැවින් ඒ ආකාරයට ක්‍රියා කරන ලෙසයි.

– dinamina

Related posts

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් අපේ රටේ නමත් කෑවා… සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු ඇමති කියයි

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin