Colombo Today Local News

ජනාධිපතිවරණය ගැන අවසන් තීරණයට මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) දින රැස්වීමට නියමිත ව තිබෙනවා.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසන් සභාව රැස්වීමට නියමිතයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙම සති අන්තයට පෙර නිවේදනය කරන බව ඊයේ (24) දින පැවති මාධ්‍ය හමුවකදී ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.

Related posts

සියලුම ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ “පුරා කුටියක්”

colombotoday

උගතුන්, බුද්ධිමතුන් හොයන පාර්ලිමේන්තුවට, කෑගල්ලෙන් අංක 1න් උගත් තරුණ නායකත්වයක් !

colombotoday

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ !

colombotoday

“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයි

colombotoday

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin