Colombo Today Local News

ජනාධිපතිවරණය කල්දැමීමේ කූට උත්සාහයට එරෙහි වෙනවා- ඩලස් අලහප්පෙරුම

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් තිබේ නම් කොන්දේසි විරහිතව ඊට එරෙහිව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ඡන්ද කල් දැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කරන මරු පහරක් වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය භයානක ලෙස ඝාතනය කිරීමක් බව ද හෙතෙම පැවැසීය.

ජනාධිපතිවරණය කල් දැමීමේ කූට උත්සාහයට කිසිසේත් ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධව ඉදිරිපත් කෙරෙන තර්කයට කිසිදු නීතිමය පදනමක් නැති බවත් ඊට විරුද්ධව අනිවාර්යයෙන් පෙනී සිටින බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එහිදී පැවැසීය.

මෙයට පෙර ද මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසූ අවස්ථාවේ ඉදිරිපත් වූයේත් අද ඉදිරිපත් කරන මෙම තර්කයම බවත් පැවසූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙයට පෙර ඉදිරිපත් කළ එම තර්කයම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස්දෙනකු ඒකමතිකව ප‍්‍රතික්‍ෂේප කළ බවත් පැවැසීය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට හා ජනාධිපතිවරයාට නිග‍්‍රහයක් මෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පෞද්ගලික අපහාසයක් බවත් ඔහු කීවේය.

මැතිවරණ කල් දැමීම මේ රජයේ අභිලාෂය බවත් පැවසූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමක් කිරීමට ශ‍්‍රීලනිපය යම් උත්සාහයක් දරුවොත් පැහැදිලිවම ඊට විරුද්ධව පෙනී සිටින බවත් පැවැසීය.

මැතිවරණය කල් දැමීම කුමන නමකින් කළත් ජනතාව ඊට දඬුවම් දී ඇති බවත්, පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මියට ජනාධිපතිධුරය දැරීමට තවත් වසරක් තිබෙන බවට එදා මේ ආකාරයේ දිරච්ච ලණුවක් දුන් බවත් එය අධිකරණය ප‍්‍රතික්‍ෂේප කළ බවත් ඒ වගේම 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසු 1975 විසිරීමට තිබූ පාර්ලිමේන්තුව තවත් වසර දෙකක් දීර්ඝ කර ගැනීමෙන් පසු තුනෙන් දෙකේ බලයෙන් 1970 ජයග‍්‍රහණය කරපු ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුව මැතිවරණයේදී 8 ට බැස්ස බවත්, ඊට උදාහරණ ගෙනහැර දැක්වීමක් කළහ.

පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (10දා) පැවැති සාකච්ඡුාවෙන් පසු මාධ්‍යවේදීන් මේ සම්බන්ධව නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔවූහු මේ බව සඳහන් කළහ.

Related posts

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

colombotoday

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාවට

Admin

කෝටි ගණන් සහල් වංචා කළ අනුරාධපුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

Admin

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

කේරල මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරන්න ලංකාවේ මද්‍රසා පාසල්වලින් ටියුෂන් දීලා

colombotoday

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

colombotoday