Colombo Today Local News

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලද විශ්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා සිය සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නැවත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ලියමින් ඔහු සඳහන් කර සිටින්නේ ගෞරව නාම සහතිකය සහ පදක්කම නැවත ජනාධිපතිවරයාට ලැබීමට සලස්වන බවයි.

එයට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටින්නේ පසුගිය දින කිහිපය තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ කඩවීමයි.

ලංකාවේ සිවිල් සේවකයෙකු ලෙස වසර 60කට ආසන්න කාලයක් එජාප සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ සේවය කළ අචාර්ය දේවනේසන් එම කාලය තුළ තමා තාඩන පීඩන රැසකට මුහුණ දුන් බව පවසනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු සිය පවුලේ සියලු දෙනා මෙන්ම හිත මිත්‍රාදීන් ද වැඩිවශයෙන් සංතෝෂයට පත් වූ බවයි.

නමුත් පසුගිය සති කිහිපය තුළ සිදුවූ දේශපාලන සිදුවීම් හේතුවෙන් තමා කළකිරීමට පත්ව සිටින බව ඔහු මෙම ලිපියෙන් දන්වා සිටිනවා.

Related posts

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

ගම්පහ වැලි, පස් ජාවාරම අස්සේ මිනිස් ජීවිත 40ක් බිලි අරන් !

colombotoday

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday