Colombo Today Local News

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් නවදිල්ලි නුවර උද්ඝෝෂණයක නිරත වී සිටි එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක රාජ්‍ය සභාවේ සාමාජික වයිකෝ ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. ‍


ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ඊයේ උදෑසන වයිකෝ ඇතුළු පිරිස උද්ඝෝෂණයක නිරත වී සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර හෙතෙම නොවැම්බර් 30 වැනිදා දක්වා එරට රැඳී සිටිනු ඇත. 


Related posts

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී ලොකුගේ කියයි

Admin

බ්‍රිතාන්‍යයේ – ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday