Colombo Today Local News

ජනපතිට සහ අගමැතිට බැසිල්ගෙන් යෝජනාවක්

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනසක් සිදු විය යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරවන බවයි ඔහු කියාසිටියේ.

රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ‍්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ ප‍්‍රකාශ කළේ මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ‍්‍රම බලකාය අරමුණු කරගත යුතු බවයි.

යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවී පුළුල් සංවර්ධන ක‍්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බවට ද ඔහු යෝජනා කරනවා.

Related posts

හම්බන්තොට නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

colombotoday

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday

නුවරදී ඊයේ සිදුවූ නොහොබිනා වැඩේ ගැන ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday