Colombo Today Local News

ජනපතිගේ අවසර නැතිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රැස්වීම් තියන්න තහනම්

434480242slfp-640x358

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂයේ අවසරයක් නොමැතිව රැස්වීම් පැවැත්වීම තහනම් කරන නියෝගයක් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව යම් රැස්වීමක් පවත්වන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ හෝ පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල සිල්වා මහතාගේ හෝ අවසරය ලබාගත යුතුය.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමග එක්ව රැස්වීම් සහ සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් මෙම තහංචිය පනවා තිබෙනවා. එහිදී පක්ෂයේ මතයට ප්‍රතිවිරුද්ධ අදහස් සමාජගත වන බැවින් මෙම තීරණය ගෙන තිබේ. මෙම තත්වය පක්ෂයේ විනය පවත්වාගෙන යාමට ගැටලුවක් බව ජනාධිපතිවයා මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.

ඒ අනුව මින් ඉදිරියට යම් රැස්වීමක් සංවිධානය කරන්නේ නම් හෝ සන්ධානයේ වෙනත් පක්ෂයක් සංවිධානය කරන රැස්වීමක් හෝ සාකච්ඡාවක් සඳහා සහභාගි වන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ හෝ ජ්‍යෙෂ්ට උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවසරය ලබාගත යුතුය.

Related posts

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

colombotoday

“ක්‍රිකට් ජයග්‍රහණය ලබාගත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන්”

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

ජාතික රෝහලේ සුළු සේවකයෝ විරෝධතාවයක

colombotoday