Colombo Today Local News

ජනතාව දකින තරම් සතුටක් මේ පුංචි ප්‍රේමදාසට නෑ

මෙරට ගම්මිරිස් සහ පැඟිරි අස්වැන්නට තම ආණ්ඩුවක් යටතේ ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ (28)දින පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය කර ජාවාරම් සිදුකරන පුද්ගලයින් සමගි ජන බලවේගයේ නැති බවත් එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

“මේ මැතිවරණ ව්‍යාපාරයේ දී මම මගේ වාහනයෙන් කිලෝ මීටර් 14, 600ක් ගිහින් තියෙනවා..ඇත්තම කියනවා නම් බොහොම තෙහෙට්ටුයි. නමුත් ජනතාව දකින තරම් සතුටක් මේ පුංචි ප්‍රේමදාසට නෑ..” යනුවෙන් ද ඒ මහතා පැවසීය.

රත්නපුර කොළොන්න ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකට ද ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.

Related posts

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

සෝම හිමිගේ ජනවිජය පදනමෙන් හෙළ උරුමයට පණිවිඩයක් (Video)

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

colombotoday

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin