Colombo Today Local News

ඡන්දෙ කරන්න සල්ලි නෑ !

මේ වසරේ වියදම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 4000 ක මුදලක් ඉල්ලා ඇතත් අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 1004කි.

ඉන් රුපියල් මිලියන 1000ක් දැනටම ලබාගෙන අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

ඉකුත් වසරේ ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 3218 ක් දැනට වියදම් දරා ඇත. ඒ අනුව රුපියල් මිලියන 5500 කින් පමණ එම වියදම් අවසන් කර ගත හැකි යැයි බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවැසීය. මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක,මැතිවරණ කොමිසමේ සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැවද සහභාගි වූහ.

ජනාධිපතිවරණ රාජකාරි කටයුතුවල නිරත වූ මහියංගණ ප්‍රදේශයේ ගුරුවරුන්ට ගෙවීම් නොලැබුණු බවට පෙත්සමක්ද ලැබී තිබෙන බවත්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ මූලික සංවිධාන කටයුතු සඳහා මැතිවරණ කාර්යාල දෙක විසින් යොදවා ගත් නිලධාරීන්ට සහ විදුලි බල මණ්ඩලයට ගෙවීම් කළ යුතුව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති මැතිවරණ රාජකාරි සිදුකළ නිලධාරීන්ට අදාළ දීමනා පළාත් පාලන අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගෙවා තිබෙන බවද සභාපතිවරයා කීවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව හදිසි අවස්ථා අරමුදලෙන් මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබාදිය හැකි බව සඳහන් කර තිබුණද, එවැනි අරමුදලක් නොමැති බැවින්, ජනාධිපතිවරයාට විශේෂ බලපත්‍රයකින් මුදල් ලබා ගත හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

සතොස සහල් මිලත් ඉහළට | එක් පාරිභෝගිකයෙකුට වරකට ගත හැක්කේ සහල් කිලෝ පහක් පමණයි

colombotoday

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

colombotoday

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතය අඩුකරයි

Admin

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday