Colombo Today Local News

ඡන්දය සලකුණු කරන ආකාරය

මෙවර මහ මැතිවරණයේ දී ඔබට දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සිය ඡන්දය පාවිච්චි කිරීමට අමතරව එම පක්ෂයේ ඔබ කැමති අපේක්ෂකයන් තිදෙනකුට සිය මනාපය සලකුණු කිරීමට අවස්ථාව සැලසෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ, නියමිත උපදෙස්වලින් බැහැරව ඡන්ද පත්‍රිකාවේ සටහන් තැබීම ඡන්දය අවලංගු වීමට හේතු විය හැකි බවය.

පක්ෂයකට ඡන්දය සලකුණු නොකර යම් පුද්ගලයෙක් මනාප පමණක් සලකුණු කර ඇති නම් එම ඡන්ද පත්‍රකාව ප්‍රතික්ෂේප වන බව ද සභාපතිවරයා මෙහිදී පැවසීය.

මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ කළ පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි.

ඒ අනුව ඔබ එම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.

මුඛ ආවරණ පැළඳ සිටීම, ඡන්ද මධ්‍යස්ථානයට එන විට දෑත් පිරිසිදු කර සිටීම මෙන්ම ඡන්ද පොළ තුළ දී එහි සිටින පළමු නිලධාරියාට මුහුණු ආවරණය ඉවත් කර පෙන්විය යුතුය.

ඉන් අනතුරුව ද දෑත් පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව ඇඟිල්ල නොමැකෙන තීන්ත වර්ගයක් ආලේප කරන බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.

ඒ සඳහා ඉටි තැවරූ කඩදාසි කූරක් භාවිතා කරන අතර, එය වෙනත් අයෙකුට භාවිතා නොකරන බවත් ඡන්ද පොළට එන විට කළු හෝ නිල් පෑනක් රැගෙන ආ යුතු බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Related posts

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අවධානය..

Admin

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday

ඉන්දීය විද්‍යා සමුළුවකදී මතු වූ රාවණ රජුගේ ගුවන් තාක්ෂණය

colombotoday

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

ඊළම ප්‍රකාශයට පත් කළ සුප්‍රකට වඩුක්කොඩෙයි ආසනය සජිත් උඩින්ම දිනයි….

colombotoday

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

colombotoday