Colombo Today Local News

“චෝදනාවෙන් රංජන් නිදහස් කරන්න” – රංජන්ගේ නීතිඥ සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවෙන් තමා නිදහස් කරන ලෙසට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලීමක් කළා. ඒ, ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් සිය වාචික දේශන අවසන් කරමින්.

එහිදී එම්.ඒ සුමන්දිරන් පෙන්වා දී ඇත්තේ මෙම නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කර ඇත්තේ අධිකරණ ක්ෂේත‍්‍රයට අදාල පොදු ප‍්‍රකාශයක් බවත් එවැනි චෝදනා විභාග කිරීම සිදුකළ යුත්තේ අභියාචනාධිකරණයෙන් බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට විභාග කිරීමට බලය ඇත්තේ සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතුවලට බලපෑම් ඇති කරන සිද්ධීන් සම්බන්ධයෙන් පමණක් බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අද දින මෙම නඩුව විනිසුරු සිසිර ද ආබෘ සහ විනිසුරු විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන ඉදිරියේ කැදවනු ලැබූ අතර නීතිපතිවරයාගේ පිළිතුරු දේශන හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා එවක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප‍්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

Related posts

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට | දුම්රිය නතර නොකරන Lockdown ප්‍රදේශ මෙන්න..

colombotoday

වික්ටර්ගේ බිරිද පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

යහපාලනය පලතුරු ආනයනයට කෝටි 447ක් වැය කරලා..

colombotoday

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin