Colombo Today Local Newsfeatured

චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

මිහින්තලය රජමහා විහාර පුද බිමේ මැද මළුවේ කන්තක චෛත්‍ය අසල පිහිටි පරිවාර චෛත්‍යයක නැග සිටි තරුණයන් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුතුර් ප්‍රදේශයේ පදිංචි 18 හා 20 හැවිරිදි සෞදි මුස්ලිම් තරුණයන් දෙදෙනෙකි.

මෙම තරුණයන් දෙදෙනා තිහාරියේ ආරාබි භාෂාව උගන්වන ආයතනයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා මිහින්තලය පුදබිමේ මෙම චෛත්‍ය මත හිට ගෙන සිටිනු දුටු පුරා විද්‍යා නිලධාරින් විසින් අල්වා ගෙන මිහින්තලය පොලිසියට බාරදි තිබේ.

මොවුන් දෙදෙනා අද (14) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

අමිල ප්‍රියංග පැහැරගැණීමේ සිද්දිධිය ගැන හිරුණිකාට එරෙහිව වීඩියෝ සහිතව සාක්කි දෙයි

Admin

විමල් සහ ගම්මන්පිල පන්නා දැමු බව ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

colombotoday

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

Admin

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

“හමුදාපතිට නඩු දාන බවක් මා දන්නේවත් නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday