Colombo Today Local News

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

බුද්ධි අංශය නිසි අයුරින් ක‍්‍රියාත්මක වුවානම් දිගන සිදුවීම පදනම් කරගෙන ඇති වු කලහකාරී තත්වයන් වළක්වාගන්න හොඳටම ඉඩකඩ තිබු බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය.

කලහකාරි ලෙස හැසිරෙන හා ඊට අනුබල දෙන ඕනෑම අයෙක් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය සැමට සමානව ක‍්‍රියාත්මක වන බව සැමට පේන්නට සළස්වන්නැයිද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.

බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාතවරයා මෙම අදහස් දැක්වු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ

දිගන සිදුවිමෙන් සිංහල පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත වුණේ පසුගිය 22 වැනිදායි. එතැනින් පසු දෙවන සිදුවිම ඇති වුණේ දින ගණනාවකට පසුවයි. ඒ කාලය තුළ මෙවැනි සිදුවිමක් ඇතිවිය හැකි බවට යම් යම් ඉගි පළ වී තිබෙනවා. බුද්ධි අංශයක් තිබෙන්නේ මේවා ගැන තොරතුරු රැස්කරගෙන ඉහළට දැනුම් දී අවශ්‍ය පියවරයන් ගැනීමට සහය වීමටයි. නමුත් මේ සිදුවිමේදි බුද්ධි අංශ එලෙස කටුයතු කර නැහැ. ඒක ලොකු දුර්වලකමක්. මෙවැනි සිදුවිම් පාලනය කරන්න පෙර කාලයේ පොලිසිවලට අනුබද්ධව ක්ෂණික විහිදුම් බලකායක් තිබුණා. දැන් ඒවා නැහැ. මෙවැනි සිදුවීම් තවත් ඉදිරියේදිත් ඇති විය හැකි නිසා ක්ෂණික විහිදුම් බලකායක් ඇති කර සෑම පොලිස් ස්ථානයකටම අනුබද්ධ කර පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යයිද පැවසීය.

Related posts

ඇමති හිස්බුල්ලා ඇතුළු පිරිස පැහැරගත් කෝටි 9ක් වටිනා ගොඩනැගිලි ද්‍රව්‍ය අත්අඩංගුවට…

colombotoday

වව්චර් අවුලෙන් ගුරුවරුන් අමාරුවේ… වාර විභාගයත් කොට උඩ යන හැඩ

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin