Colombo Today Local News

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ(17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය.

මෙහි දී නායකයන් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ ද එහි දී සාකච්ඡාවට බඳුන් විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේ දී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී සඳහන් කළ අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමඟ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වඩා මිත්‍රශීලි සහ සමීප සබඳතාවන් ගොඩනඟා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ද සතුට පළ කළේය.

සමීප මිතුරකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.

Related posts

අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළට

Admin

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday

අරලියගහ මන්දිරය අසල ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Admin

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

ගජමුතු විකුණන්න ගිහින් ගුරුවරියක ඇතුළු හතරක් මාට්ටු

Admin

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday