World

ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන ලක්ෂ 89 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 89 ඉක්මවා තිබේ.

වසංගතයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව හාර ලක්ෂ හැටහය දහසකට අධිකයි.

අමෙරිකාවෙන් ඊයේ කොවිඩ් මරණ 573ක් වාර්තා වී තිබුණි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 121,980 ක්.

එරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,330,000 කට අධිකයි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ රැළියක් ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ ඊයේ පැවැත්වුණි.

මේ රැළියට සහභාගී වීමට පැමිණ සිටි ඔහුගේ ආධාරකරුවන් සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරන ආකාරයයි.

බහුතරයක් දෙනා මුඛ ආවරණ පැළඳ නොසිටීම මෙහිදී කැපී පෙනුණි.

ගත වූ දිනයේදී වැඩිම ගෝලීය දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වුණේ බ්‍රසීලයෙන්.

ඒ අනුව ඊයේ වාර්තා වූ මරණ 968 ත් සමගින් බ්‍රසීලයේ සමස්ත මරණ 50,000 ඉක්මවා ගියා.

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 307 ක් වාර්තා වී තිබුණි.

එරට මරණ ගණන 13,277 ක්.

වාර්තා තබමින් ඉන්දියාවේ දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින අතර ගෙවුණු දිනයේදී එරටින් ආසාදිතයන් 15,915 ක් හඳුනා ගැනුණි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඉකුත් 30 වැනිදා වසාදැමුණු චෙන්නායි නගරයේ කොවිඩ්-19 ආසාදිතයන් සොයන පරීක්ෂණ වැඩි කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

ලාංකික බිරිය මරා කාන්තාරයේ සැගවූ ඇමරිකානුවාට සෞදි ශරීයා අධිකරණයෙන් වසර 5ක සිර දඩුවමක් !

colombotoday

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin

මධ්‍යම ආසියානු රටවල ඇෆ්ගන් සරණාගතයින් පදිංචි කරවීමට බටහිර දරන උත්සාහයට පුටින් විරුද්ධ වෙයි.

colombotoday

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්…

colombotoday