Colombo Today Local News

ගෝඨාභය තවදුරටත් ඇමරිකන් පුරවැසියෙක් නොවේ… එජාපයේ පුරවැසිගාය සුව කරමින් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

යම් පුද්ගලයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා අමෙරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයෙකු ලෙස සැලකෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේය.

ඒ අනුව ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අදාළ පුරවැසිභාවය අහිමිවීමේ සහතිකය ලැබුණු පුද්ගලයෙකු හිටපු අමෙරිකානු පුරවැසියෙකු ලෙසින් සැලෙකෙන බවයි.

එමෙන්ම ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළද අමෙරිකානු පුරවැසිභාවය අහිමිවු පුද්ගලයෙකුගේ නම අමෙරිකානු ෆෙඩරල් ලැයිස්තුවට ඇතුළත් වීම හුදෙක්ම ආදායම් බදු පිළිබඳ කාරණාවක් පමණක් බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය මෙසේ කරුණු පැහැදිලි කළාය.

“අපිට වැටහෙනවා මේ මාතෘකාව ගැන විශාල උනන්දුවක් තිබෙනවා.

නමුත් පෞද්ගලිකත්වය රැකීමට අදාළ අමෙරිකානු නීතිවලට යටත්ව මට පුද්ගලයින්ගේ පුරවැසිභාවය සහ වීසා ගැටලු ගැන අදහස් දක්වන්න හැකියාවක් නැහැ.

නමුත් මේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ වැඩපිළිවෙල ඉතාම දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක්.

ඔබට මේ සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර ගැන සෑම තොරතුරක්ම දැනගන්න පුළුවන් travel.state.gov වෙබ් අඩවියට පිවිසීමෙන්.

Related posts

රණවිරුවන් නිකරුණේ රස්තියාදුකරන සී අයි ඩී යට හිටපු හමුදාපතිගෙන් කනේ පහරක්

colombotoday

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

බුද්ධචීවරය ඉදිරියට දාගෙන ඒකාබද්ධය කළේ කැත වැඩක්.. රංජන්, ෆොන්සේකාගේ වැඩත් කැතයි

colombotoday

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday