Colombo Today Local News

ගුරුකන්ද නාහිමි ආදාහනය සිදුකිරීමෙන් අධිකරණයට අපහාස කලා. ඥානසාර හිමිට නොතීසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වනදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර ඇත.

මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් විසින් මෙම නොතිසි නිකුත් කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ඉකුත්දා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවයි.

එම තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

මහින්ද රාජපක්ෂ ඝා-තාන තැතක්

Admin

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

colombotoday

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

“කාඩ්බෝඩ් දුටුගැමුණුලා එලවනවා.. පෝට් සිටියෙන් රටම ගොඩ ගන්නවා” – අගමැති

colombotoday

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

colombotoday