Colombo Today Local News

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

යක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යක්කලමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එහිදී සැකකරුවන් සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 02ක් සහ එම උණ්ඩ දෙකක් සොයාගෙන තිබේ.

සැකකරුවන් 32 හැවිරිදි සහ 45 හැවිරිදි දෙහිගහහේන සහ ගල්කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද, ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර යක්කලමුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තැපැල් ඡන්දය ඇරඹෙයි.. පළමු වටය අද

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව කියයි…

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin