Colombo Today Local News

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

බලපත‍්‍රයක් නොමැතිව බෝර 12 පතොරම් තුවක්කු 03 ක් සහ බඳින තුවක්කු 03 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු උඩුවැල්ල කොහුදෙණිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදීයි. සැකකරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා මෙම ගිනි අවි යොදාගන්නට ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර, ගිනි අවි 03 ක් සමග සැකකරුවෙකු දික්වැල්ල වලස්ගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි. සැකකරු සතුව තිබී සොයාගෙන ඇත්තේ රිවෝල්වරයක්, වායු රයිෆලයක් සහ බෝර 12 තුවක්කුවක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

Related posts

මහවැලි වේල්ලේ සහ දැදුරු ඔයේ වාන් දොරටු අරී…

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

සතොසට පොල් අසූදාහක් ලැබිලා

Admin

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday