Colombo Today Local News

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණොත් වහාම රෝහල් ගත කරන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස්

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළඳුනු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකුලතා වලට ලක්විය හැකිය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආවේක්ෂණ දත්ත වලට අනුව ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ මාතෘ මරණ 2 ක් මේ වන විට වාර්තා වී ඇති අතර 2018 වසරේ දී ගර්භණි කාන්තාවන් 11 ක් නියුමෝනියාව නිසා මිය ගියහ. 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණී මවුවරු 41 කට ජිවිත අහිමි විය.

ගර්භණි මවු වරුන්ට සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණ ඇති අය අසලට යාමෙන් සහ වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන වල රැඳීමෙන් වළකින ලෙසටත් නිවැරැදි ශ්වසන ස්වාස්ථතාවයන් අනුගමනය කරන ලෙසටත් උපදෙස් ලබා දී ඇත .

උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මවුවරුනට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍ය ආයතන වලට, රජයේ සහ පුද්ගලික වෛද්‍යවරුන් ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇත.

මෙම පුවත සදහා ඔබ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබ ලබා දෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.

Related posts

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday