Colombo Today Local NewsTop Stories

කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක්‌ කුඩු විකුනලා

දාහත්වරක්‌ ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරමේ නිරත වූ පකිස්‌තානු ජාතිකයකු රුපියල් කෝටියක්‌ වටිනා හෙරොයින් තොගයක්‌ සමගින් නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ හෙරොයින් ග්‍රෑම් 785 ක්‌ තිබූ බවත් සැකකරු කේක්‌ පෙට්‌ටියක බහා විත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ව්‍යාජ ගැනුම්කරුවකු වෙත අලෙවි කරද්දී කොටුකරගත් බවත් පකිස්‌තාන් ජාතිකයා අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ සුරාබදු නිලධාරීන් හට පහරදී පලායැමට තැත්කළ විට දැඩි පරිශ්‍රමයක්‌ යොදා සැකකරු කොටු කරගත් බවත් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරි එස්‌. කේ. වනිගතුංග මහතා පවසයි.

මීට වසර 17 කට පෙර මාදිවෙල ප්‍රදේශයේ කාන්තාවක්‌ සමග විවාහ වී සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කරන පකිස්‌තාන් ජාතිකයා දෙදරු පියකු බවද අනාවරණය වෙයි. අදාළ සැකකරු කිසිදු රැකියාවක්‌ නොකරන අතර මෙරටට පැමිණෙන පකිස්‌තානු ජාතිකයන් සමග පුරා වසර ගණනාවක්‌ ඉතා සූක්‍ෂම අයුරින් හෙරොයින් ජාවාරම සිදු කොට ඇතැයි ද සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරියේ සැකකරු පාපොච්චාරණය කර තිබේ.

සුඛෝපභෝගී නිවසක්‌ සුපිරි වාහන භාවිත කරමින් සමාජයේ ප්‍රභූවරයකු ලෙස පෙනී සිටින පකිස්‌තාන් ජාතිකයා රාත්‍රි සමාජ ශාල වෙත ගොස්‌ කැසිනෝ ගැසීමට මෙරටට පැමිණෙන අය සමග මිතුරු වී ඔන්ඩියල් ක්‍රමයට මුදල් පිටරටවලට යවන බවද සුරාබදු නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරි එස්‌. කේ. වනිගතුංග මහතාගේ උපදෙස්‌ මත සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්‌ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්‌ෂක කේ. පී. එස්‌. පතිරණ මහතාගේ අධීක්‌ෂණය යටතේ සුරාබදු පරීක්‌ෂක අසංක සිල්වා, සැරයන් මේජර්වරුන්වන සරත්, කැනීසියස්‌, නියාමකවරුන් වන විඡේසේකර ඉන්දික අරවින්ද රියෑදුරු දිල්රුක්‌ යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.

Related posts

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

Admin

වෛද්‍යවරු රජයට සතියක් කල් දෙයි !!

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

colombotoday

බැදුම්කර වාර්තාවේ වැදගත්ම කොටස හංගලා.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ බාගයයි

colombotoday