Colombo Today Local News

කොවිඩ් ආසාදිත මාධ්‍යවේදියෙකු කැබිනට් මාධ්‍ය හමුවකටත් ගිහින් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුවත් කිරීමක්

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වනදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.

මේ හේතුවෙන් එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේවන විට සෞඛ්‍ය අංශ වෙත ලබාදී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රථිපල ලැබෙන තෙක් එම මාධ්‍ය හමුවට සහභාගිවූ සියලු මාධ්‍යවේදීන්ට බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වලට වී රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.

Related posts

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

කැබිනට් මණ්ඩලය 35කට ඉහළ නැංවීමට එජාපයෙන් යෝජනා

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin

සජින් වාස් ජනපති සමග අම්බලන්ගොඩ ශ්‍රීලනිප වේදිකාවේ !

colombotoday

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

colombotoday