Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

මේ වන විට COVID 19 හෙවත් කොරෝනා වෛරසය අසාදනය වූවන් ලෙස වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන්  පොකුරු හා බාහිරින් වාර්තා වීම සම්පූර්ණයෙන් නතර වී  තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ අනුව COVID 19 රට තුළ සෑහෙන දුරට පාලනය කර තිබෙන බවට නිගමනය කළ හැකි බවයි සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ.

මෙලෙස පාලනය කළත් කොතැනින් හෝ එම රෝගියෙක් මතු වීමේ සම්භාවිතාව ඇති හෙයින් එය සිහිතබාගෙන වැඩ කළ යුතු බව හෙතෙම පවසනවා.

රෝගීන් වාර්තා වීම වළක්වා ගැනීම සඳහා පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම, අත් පිරිසිදු කරගැනීම, කැස්ස හා කිවිසුම් යාමේදී අනුගමනය කළ යුතු දෑ පිළිපැදීම,යම් කිසි අයුරකින් COVID 19 රෝග ලක්ෂණ තිබෙන්නේ නම සමාජය ආශ්‍රය නොකළ යුතු වීම, ආදී කරුණු අනුගමනය කිරීම ඉතාම වැදගත්.

අහඹු නියැදි පරික්ෂාව සිදුවනවා.

විශේෂයෙන් පොදු ස්ථානවල ගැවසීමේදී  සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් පිළිපදින්න. ඕනෑම ස්ථානයකට ඇතුල් වන විට අත් පිරිසිදු කරගැනීම හා හැකි තරම් මතුපිට පෘෂ්ඨ මත අත නොතැබීම ආදිය කළ යුතු වනවා.

දැනට සිදුවන ශරීර උෂ්ණත්වය මැන බැලීමත් රෝග පාලනයට දායකත්වය දෙනවා. එයට අනුගත වන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා.

Related posts

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

කාත්තන්කුඩි පොලීසියේ නිලධාරීන් 32කට කොවිඩ් | පොලිස් රාජකාරි අඛණ්ඩව

colombotoday

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

බැඳුම්කරයටත් වඩා දරුණු රිෂාඩ් බදුර්දීන් සිදුකල විල්පත්තු වන සංහාරය සොයන්න කොමිසමක් පත් කරන්න – දූෂණ විරෝධී පෙරමුණ

colombotoday