Colombo Today Local NewsCovid 19

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. රජය ජනවාරියේ සිට අනුගමනය කළක්‍රියාමාර්ග රෝගය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට ඉවහල් විය.

වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග මර්දනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී.

එම ප්‍රගතියතවදුරටත් වර්ධනය කරමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට  සියලු පියවර උපරිමයෙන් ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්හ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ උපදෙස් දෙනු ලැබීය.

වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය පැහැදිළි කළ ජනාධිපතිතුමා යුරෝපා රටවල් රැසක වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතින බව කීය. ප්‍රංශය, ඉතාලිය ඇතුළු  යුරෝපීය රාජ්‍යයන් කිහිපයක බෙහෙවින් බරපතල තත්ත්වයක් පවතී.

ඒ පිළිබඳව කොරෝනා මර්දන බලකායේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම දෙසතියකට අත්හිටුවන්නැයි නියම කළේය.

යුරෝපා රටවල සිට එන ශ්‍රී ලාංකිකයන් ද දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කෙරිණ.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දෙදෙනා ඇසුරු කළ පිරිස් හඳුනා ගැනීමට කළ පරීක්ෂණවල ප්‍රගතිය සහ ඔවුන් නිරෝධායනයට ගෙන ඇති පියවර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ඔවුන් ආ ගිය තැන් හා ඇසුරු කළ අය ගැන ද අඛණ්ඩව විමර්ශන කොට ඔවුන් නිරෝධායනයට යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට ජනයා විශාල වශයෙන් රැස්වන අවස්ථා සහ උත්සව හැකි උපරිමයෙන් සීමා කිරීමට තීරණය විය.

කාර්ය සාධක බලකාය ස්ථිර කාර්යාලයක ස්ථාපනය කොට තොරතුරු රැස් කරමින් තීරණ ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය.

රෝග නීර්ණය සඳහා කෙරෙන පරීක්ෂණ වේගවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ඇතිව
පර්යේෂණ උපකරණ සපයා ගැනීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාව රෝගය පැතිරයාම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට සහාය වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වූ බව ද එතුමා කීය.

මුඛ ආවරණ ඕනෑම තැනකින් මිලදී ගැනීමට හැකිවන අයුරින් බෙදා හැරීම විධිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

පාලන මිලක් යටතේ  ඕනෑම අයෙකුට මුඛ ආවරණ මිලදී ගැනීමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස්  දහසක් නිෂ්පාදනය කළ හැකි ආයතන හඳුනාගෙන ඇති බව සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවයට යොදා ගන්නා බස් රථ සහ දුම්රිය  විෂ බීජ හරණය කිරීමට ද තීරණය කෙරිණ. ඒ සඳහා ආරක්ෂක අංශ සහාය කර ගැනේ.

චීනය මේ වන විට ඉතා සාර්ථකව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කර තිබේ.

සමාජ චර්යාවන් සහ ක්‍රියාකාරකම් රෝග මර්දනයට ඉවහල් වන අයුරින් හැසිරවීමට චීනය ප්‍රමුඛත්වය දුන්නේය. එරට අනුගමනය කළ ක්‍රියාමාර්ග පුළුල්ව අධ්‍යයනය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා පවත්වාගැනීම හා පාසල් සහ විශ්ව විද්‍යාල  ඔස්සේ නිවසේ සිට සිදු කිරීම
අත්හදා බැලීමට මෙය අවස්ථාවක් කරගත යුතුව ඇතැයි ජනාධිපතිරාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.
විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය රෝගය ගැන ජනතාව දැනුවත් කරනු මිස සමාජ ව්‍යාකූලත්වයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණ.

Related posts

අවමගුලට ගිය 64න් 54කට කොවිඩ්

colombotoday

සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වහාම රටට හෙළිකරනු!

colombotoday

කොකේන් ගහන ඇමතිලා 6ක් පාර්ලිමේන්තුවේ… සභාගැබේදීත් කොකේන් මතින්…

colombotoday

හන්තානත් එළිපෙහෙළි කරයි එනසාල් වගාවක්ලු.. දේශපාලඥයෙක්ගේ සහය

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිලියක්ට අමුතු සැලකිලි

colombotoday

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday