කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකු සුවය ලබා තිබේ.
අයි.ඩී.එච් සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි නාවික හමුදාව පැවසුවේය.
මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 424 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
සුවය ලබා පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් සියළු දෙනාට තවත් දින 14 ක කාලයක් නිරෝධායනය සදහා යොමුවන ලෙස උපදෙස් ලබාදුන් බව නාවික හමුදාව සදහන් කළේය.