Colombo Today Local News

කොරෝනාවෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපල බවට මත්තල ගුවන්තොටුපල පත් කරනවා- අමාත්‍ය ඩී.වී. චානක

කොවිඩ් 19 වසංගතයෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත් කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

සිය අමාත්‍යදූරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපළට පැමිණි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

වී ගබඩා පහසුකම් සඳහා අතහැර දමා තිබූ මෙම ගුවන්තොටුපළ මේ වන විට මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යයි. එමිරේට්ස් සමාගම මත්තලට පැමිණීමත් සමග ජාත්‍යන්තර ගුවන් සේවා මත්තල ගුවන්තොටපළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. වර්තමාන ගෝලීය අර්බුධය හමුවේ මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහයනයද මත්තල ගුවන්තොටුපල මුල් කරගනිමින් සිදු කරයි.

නව ගුවන් ගමනාන්තයන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහන වෙළඳපල කෙරෙහිද තම අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සදහන් කරයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා හම්බන්තොට මුල් කරගනිමින් එළවලු පළතුරු සහ මත්ස්‍ය නිශ්පාදන ගබඩා කළ හැකි ශීතාගාර ඉදිකිරීමට අවධානය යොමු වී ඇතැයිද එම නිශ්පාදන මැද පෙරදිග ඇතුලුව විවිධ රටවල් සඳහා ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට මත්තල ගුවන්තොටුපල උපයෝගී කරගන්නා බව පැවසීය.

ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්කයන්හි ගොවියන්ගේ නිශ්පාදන අපනයන වෙළඳපල වෙත ගෙන යාම රජයේ අරමුණ බවත් මත්තල ගුවන්තොටුපල මුල් කරගනිමින් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම තම අමාත්‍යංශයේ අරමුණ බවද හෙතෙම සදහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නව ආයෝජන කලාප කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එහි එළවලු පළතුරු සහ මත්ස්‍ය නිශ්පාදය ජාත්‍යන්තර වෙළඳපලට අවශ්‍ය පරිදි සැකසුම් කිරීම, ඇසුරුම් කිරීම සහ අගය එකතු කිරීම වැනි කාර්යන් සිදු කරන බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවගේ නිශ්පාදන සඳහා ඉහල මිලක් ලබා දීමද තම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

මත්තල ඉදිරියේදි මගී මෙහෙයුම් කටයුතු වැඩි වශයෙන් සිදු කරන බවත් ඒ සදහා අවශ්‍ය පීසිආර් යන්ත්‍රයක් හා විද්‍යාගාරයක් ඉතා ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ගුවන්තොටුපල ලෙස මත්තල ගුවන්තොටුපල පවත්වාගෙන යාම අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

මෙම අවස්තාවට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අධ්‍යක්ෂක ශෙහාන් සුමනසේකර මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related posts

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin

නිමල් බෝපගේ නොදන්වාම ගෙදර යවයි.. මුදල් ලේකම් ජනමාධ්‍ය ලේකම් තනතුරේත් වැඩ

colombotoday

“ජාත්‍යන්තර යුද අධිකරණයක් ලංකාවට ඕනමයි” – හුසේන්ගෙන් දැඩි තීරණයක් !

colombotoday

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin